1. වචන ඉගෙන ගන්න

පරිවර්තන සහ ව්‍යාකරණ සටහන්වලින් එක් එක් පාඩම සඳහා වන නව වචන හඳුන්වා දේ. එම වචන යොදා කෙටි වාක්‍ය තැනීමට පුහුණු වෙමින් එම නව වචන ඉගෙන ගන්න.

2. වාක්‍ය රටා පුහුණු වන්න

එක් එක් වාක්‍ය රටාවේ අර්ථය ඔබට වැටහෙන බවට තහවුරු කර ගෙන, එම රටාව ස්වයංක්‍රීය බවට පත් වන තෙක් A සහ B අභ්‍යාස පුහුණු වන්න.

3. සංවාද පැවත්වීමට පුහුණු වන්න

C අභ්‍යාසයෙහි දී ඇති කෙටි දෙබස් යොදා ගනිමින් වාක්‍ය රටා පුරුදු වන්න, නමුත් එතැනින් නොනවතින්න; සංවාද අඛණ්ඩව සිදු කර දිගු කර ගන්න. සංවාද මඟින් සිසුනට එදිනෙදා ජීවිතයේදී මුහුණ පෑමට සිදු විය හැකි අවස්ථාවන් පිළිබඳ පුහුණුවක් සැපයේ, එසේම ස්වාභාවික සංවාද රිද්මයක් ලබා ගැනීම සඳහා වන හොඳම ක්‍රමය වන්නේද CD තැටියට සවන් දෙන අතරතුර, ඉඟි බිඟි සහ මුහුණින් අදහස් ප්‍රකාශ කිරීම් භාවිතා කරමින් සංවාදයන් රඟ දැක්වීමය.

4. ඔබේ අවබෝධය පරීක්ෂා කරන්න

එක් එක් පාඩම අවසානයේ පුහුණු වීම සඳහා ප්‍රශ්න කිහිපයක් ලබා දී ඇති අතර ඔබ පාඩම නිවැරදිව වටහා ගත්තේද යන්න පරීක්ෂා කිරීමට ඔබ ඒවා භාවිතා කළ යුතුය.

5. ඔබ උගත් දේ අදාල කර ගන්න

ඔබ උගත් ජපන් භාෂාව භාවිතා කර ජපන් පුද්ගලයෙකු සමඟ කථා කිරීමට උත්සාහ කරන්න. කෙසේ වෙතත්, ඔබ මෙහිදී උගත් දෑ, ඔබට අමතක වීමට පෙර නිවැරදිව යොදා ගත යුතු අතර එය වඩා හොඳින් ඉගෙනීම සඳහා වන ඉක්මන්ම මාර්ගය වේ.

එක් එක් පාඩම සඳහා ඉගෙනුම් අනුපිළිවෙල
වචන ඉගෙන ගන්න
(1) එක් එක් ඉගෙනුම් කරුණ සඳහා
A අභ්‍යාසය

B අභ්‍යාසය

C අභ්‍යාසය

වාක්‍ය රටා, නිදර්ශන වාක්‍ය,
සමාලෝචනය සහ පරීක්ෂා කිරීම
සංවාදය
(2) එක් එක් ඉගෙනුම් කරුණ සඳහා
A අභ්‍යාසය

B අභ්‍යාසය

වාක්‍ය රටා, නිදර්ශන වාක්‍ය,
සමාලෝචනය සහ පරීක්ෂා කිරීම
C අභ්‍යාසය

සංවාදය
පුහුණු වීම සඳහා ප්‍රශ්න

(1) වන මාර්ගය හෝ (2) වන මාර්ගය අනුගමනය කරමින් පාඩම් මාලාව අධ්‍යයනය කරන්න. ඔබ සියලුම ප්‍රධාන ඉගෙනුම් කරුණු ආවරණය කරන බවට තහවුරු කර ගැනීමට, කරුණාකර මෙම පොතේ අවසානයට දක්වා ඇති ප්‍රධාන ඉගෙනුම් කරුණු පිළිබඳ වගුව පරීක්ෂා කරන්න.