I. ව්‍යූහය

Minna no Nihongo Shokyu I හි දෙවන සංස්කරණය වෙළුම් දෙකකින් සමන්විතය: එනම් මූලික පෙළ (CD තැටිය සහිත) සහ පරිවර්තන සහ ව්‍යාකරණ සටහන් වේ. ඉංග්‍රීසි භාෂාවෙන් ආරම්භ වූ පරිවර්තන සහ ව්‍යාකරණ සටහන් දැන් 14කට වඩා භාෂාවලින් ප්‍රකාශයට පත් කර ඇත.

පාඩම් මාලා සැලසුම් කර ඇත්තේ කථනය, සවන් දීම, කියවීම සහ ලිවීම යන කුසලතා හතර පුහුණු කිරීමේ අරමුණිනි. කෙසේවෙතත්, මූලික පෙළ සහ පරිවර්තන සහ ව්‍යාකාරණ සටහන් මඟින් හිරාගන (hiragana), කටකන (katakana), හෝ කන්ජි (kanji) කියවීම හෝ ලිවීම සඳහා කිසිදු උපදෙසක් ලබා නොදේ.

II. පටුන
1. මූලික පෙළ
1) ජපන් බස උච්චාරණය

මෙම කොටස මඟින් ජපන් බස උච්චාරණය කිරීම සම්බන්ධයෙන් වන ප්‍රධාන කරුණු පිළිබඳ නිදසුන් සැපයේ.

2) පංති කාමර භාෂාව, එදිනෙදා ආචාර සමාචාර කිරීම් සහ අදහස් ප්‍රකාශ කිරීම්, සංඛ්‍යා

මෙම කොටසෙහි පංති කාමරයෙහි, මූලික එදිනෙදා ආචාර සමාචාර කිරීම්, ආදි කටයුතු සඳහා භාවිතා වන වචන සහ වාක්‍ය ඛණ්ඩ ලැයිස්තුවක් අඩංගු වේ.

3) පාඩම්

පාඩම් 25ක් අඩංගු වන අතර ඒ එක එක පාඩමක පහත දේවල් අන්තර්ගත වේ:

(1) වාක්‍ය රටා

එම පාඩම්වලදී උගත යුතු මූලික වාක්‍ය රටා.

(2) නිදසුන් වාක්‍ය

මූලික වාක්‍ය රටා කෙටි සංවාදවලට සංයෝග කර ඇති අතර එයින් ඒවා සැබෑ සංවාදයන්හිදී භාවිතා වන ආකාරය පෙන්නුම් කෙරේ. නව ක්‍රියා විශේෂණ, නිපාත පද, සහ අනෙකුත් ව්‍යාකාරණාංග, සහ වැඩිදුර ඉගෙනුම් කරුණුද මෙහිදී හඳුන්වා දේ.

(3) සංවාදය

සංවාදය තුළ, ජපානයේ ජීවත් වන විදේශිකයින් විවිධ අවස්තාවන්හිදී හමු වේ. සංවාදවලට එදිනෙදා ආචාර කිරීම්, අනෙකුත් අදහස් පළ කිරීම් මෙන්ම පාඩම්වලදී ඉගෙන ගත යුතු පාඩම් මාලාද අඩංගු වේ. වේලාව ඉතිරි වුවහොත්, සිසුනට පරිවර්තන සහ ව්‍යාකරණ සටහන්වල දී ඇති ප්‍රයෝජනවත් වචන හඳුන්වා දෙමින් සංවාද ගොඩනැඟීමට පුළුවන.

(4) අභ්‍යාස

අභ්‍යාස මට්ටම් තුනකට බෙදේ: A, B, සහ C වශයෙනි.

A මට්ටමේ අභ්‍යාස සකස් කර ඇත්තේ සිසුනට ව්‍යාකරණ ව්‍යූහය පහසුවෙන් අවබෝධ කර ගැනීමට දෘශ්‍යමය උපකාර ලබා දීම සඳහාය. එය සැලසුම් කර ඇත්තේ සිසුනට ක්‍රියාපද වර නැඟීම පුහුණු වී සම්බන්ධතා ගොඩනඟා ගැනීමට මෙන්ම, මූලික වාක්‍ය රටා පිළිබඳ මනා දැනුමක් ලබා ගැනීම සඳහාය.

B මට්ටමේ අභ්‍යාස මඟින් සිසුනට මූලික වාක්‍ය රටා පිළිබඳ දැනුම ශක්තිමත් කර ගැනීම සඳහා වන විවිධ ආකාර යොදා ගැනේ. ඊතලයක් (➔) සහිත ඉලක්කමක් මඟින් රූපසටහන් භාවිතා කරන නිදසුන් දැක් වේ .

C මට්ටමේ අභ්‍යාස සැලසුම් කර ඇත්තේ සිසුනට සිය සන්නිවේදන හැකියාවන් වැඩිදියුණු කර ගැනීම සඳහා වේ. නිශ්චිත සංවාදයන්හිදී යටින් ඉරි ඇඳි වචන වෙනුවට ඒ ඒ අවස්ථාවට ගැලපෙන විකල්ප වචන ආදේශ කරන අතරතුර සංවාද පුහුණු කිරීමට සිසුහු මෙම අභ්‍යාසය භාවිතා කරති; කෙසේවෙතත්, මෙය ආදේශ කිරීමේ හරඹයක් පමණක් බවට පත් නොවන්නට, හැකි සෑම අවස්ථාවකම ආදේශ කිරීම් දැක්වීම සඳහා වන වචන භාවිතා කිරීම මඟහැර තිබේ. මෙහි අදහස වනුයේ මෙම අභ්‍යාසයන් ඉතාමත් නිදහස් ඒවා වන අතර, තනි නිදසුනක් මත පදනම්ව එකිනෙකට වෙනස් සංවාදමය නිදසුන් නිර්මාණය කිරීමට සුදුසු පරිදි ඒවා සකස් කර තිබේ.

B සහ C මට්ටම්වල අභ්‍යාස සඳහා ආදර්ශ පිළිතුරු වෙනමම සංගෘහිත වෙළුමක අඩංගු වේ.

(5) පුහුණු වීම සඳහා ප්‍රශ්න

පුහුණු වීම සඳහා වන ප්‍රශ්න වර්ග තුනක් තිබේ: සවන්දීමේ අවබෝධය, ව්‍යාකරණ, සහ කියවීමේ අවබෝධය වේ. සවන්දීමේ අවබෝධ ප්‍රශ්නය තවදුරටත් වර්ග දෙකකට බෙදේ: එනම් කෙටි ප්‍රශ්නවලට පිළිතුරු දීම, කෙටි සංවාදවලට සවන්දීම සහ ප්‍රධාන කරුණු උකහා ගැනීම වේ. ව්‍යාකරණ ප්‍රශ්නවලින් සිසුන්ගේ වචනමාලාව සහ ව්‍යාකරණ කරුණුවල අවබෝධය පරීක්ෂා කෙරේ. කියවීමේ අවබෝධය ප්‍රශ්නවලදී, සිසුහු ඔවුන් මේ වන විටත් ඉගෙන ගෙන ඇති වචන මාලාව සහ ව්‍යාකරණ ඒකාබද්ධ කරමින් සාදා ඇති සරල පරිච්ඡේද කියවන අතර, එහි අන්තර්ගතවලට අදාල විවිධ කාර්යයන් ඉටු කරති.

(6) සමාලෝචනය

මෙය සපයා ඇත්තේ සිසුනට සෑම පාඩම් කිහිපයකට පසුව අත්‍යවශ්‍ය කරුණු පිළිබඳ කරුණු සමාලෝචනය කිරීම සඳහාය.

(7) ක්‍රියා විශේෂණ, නිපාත පද සහ සංවාදමය ප්‍රකාශන පිළිබඳ සාරාංශය

මේවා ක්‍රියා විශේෂණ, නිපාත පද සහ සංවාදමය ප්‍රකාශන පිළිබඳ කරුණු සමාලෝචනය කර පුහුණු වීම සඳහා මෙම පෙළ පොතෙහි සැලසුම් කර ඇති ප්‍රශ්න වේ.

4) ක්‍රියා පද ස්වරූප

මෙම කොටස මඟින් මෙම පෙළ පොතේ ඉදිරිපත් කර ඇති ක්‍රියා පද ස්වරූප, වචනවල අගට එක් කර ඇති විවිධ ස්වරූප සමඟින් සාරාංශ කෙරේ.

5) ප්‍රධාන ඉගෙනුම් කරුණු

මෙය A මට්ටමේ අභ්‍යාස කෙරෙහි අවධානය යොමු කරමින්, මෙම පෙළ පොතේ ඉදිරිපත් කර ඇති ප්‍රධාන කරුණුවල සාරාංශයකි. A අභ්‍යාසයේ හඳුන්වා දී ඇති එක් එක් ඉගෙනුම් කරුණු සඳහා අදාළ වන වාක්‍ය රටා, උදාහරණ වාක්‍ය, සහ B සහ C අභ්‍යාස වලින් එය පෙන්නුම් කරයි..

6) පරිශිෂ්ටය

මෙහි පංති කාමර භාෂාව, එදිනෙදා ආචාර සමාචාර කිරීම් සහ අදහස් ප්‍රකාශ කිරීම්, ඒවා පළමු වරට ඉදිරිපත් කර ඇති පාඩම්වලට පරිශීලනය ලබා දෙමින් එක් එක් පාඩමෙහි ඇති නව වචන මාලාව, සහ අදහස් ප්‍රකාශන ඇතුළත් වේ.

7) ඇතුළත් කර ඇති CD තැටි

මෙම පොත සමඟ දී ඇති CD තැටියෙහි සංවාද සහ සවන් දීමේ අවබෝධය ඇතුළත් වේ.

2. පරිවර්තන සහ ව්‍යාකරණ සටහන්
1) ජපන් භාෂාවේ මෙන්ම ජපන් ලිඛිත සහ උච්ඡාරණ ක්‍රමවල පොදු ලක්ෂණ පිළිබඳ පැහැදිලි කිරීම්.
2) පංති කාමර භාෂාවේ, සහ එදිනෙදා ආචාර සමාචාර කිරීම් සහ අදහස් ප්‍රකාශනවල පරිවර්තනයන්.
3) 1 සිට 25 දක්වා පාඩම්වල පහත දෑ අඩංගු වේ:

(1) නව වචන සහ ඒවායේ පරිවර්තන.

(2) වාක්‍ය රටා, නිදසුන් වාක්‍ය සහ සංවාදවල පරිවර්තන.

(3) එක් එක් පාඩමට අදාල ප්‍රයෝජනවත් වචන ජපානය පිළිබඳ තොරතුරුවල උපුටා ගැනීම්.

(4) වාක්‍ය රටාවල සහ අදහස් ප්‍රකාශ කිරීම් පිළිබඳ පැහැදිලි කිරීම්.

4) ඉලක්කම්, වේලාව, සහ කාල සීමා ගැන ප්‍රකාශ කරන ආකාරය, උපසර්ග ලැයිස්තුවක්, සහ ක්‍රියාපදවල වරනැඟීම් පිළිබඳ සාරාංශයක්.
III. පාඩම් සම්පූර්ණ කිරීම සඳහා ගත වන කාලය

මඟ පෙන්වීමක් ලෙස, එක් එක් පාඩම සම්පූර්ණ කිරීම සඳහා සිසුනට පැය 4-6 අතර කාලයක් ගත වනු ඇති අතර, සම්පූර්ණ පොතම අවසන් කිරීමට පැය 150ක් පමණ ගත වනු ඇත.

IV. වචන මාලාව

මෙම පොතෙන් දළ වශයෙන් වචන 1,000ක් පමණ ඉදිරිපත් කෙරෙන අතර, මූලික වශයෙන් එදිනෙදා ජීවිතයේ භාවිතා වන වචන යොදා ගැනේ.

V. කන්ජි (Kanji) භාවිතය

හැකි සෑම අවස්ථාවකදීම, මෙම පොතේ භාවිතා කර ඇති කන්ජි තෝරා ගෙන ඇත්තේ 1981 වර්ෂයේදී ජපාන කැබිනට් මණ්ඩලය විසින් නිවේදනය කර ඇති නිත්‍ය භාවිතය සඳහා කන්ජි (Joyo Kanji) ලැයිස්තුවෙනි.

1) 熟字訓 [jukujikun]「熟字訓(じゅくじくん)」(කන්ජි දෙකක් හෝ වැඩි සංඛ්‍යාවකින් සකස් වී ඇති සහ විශේෂ කියවීමක් සහිත වචන) වන අතර ඒවා ) kanji භාෂාවෙන් ලිය වී ඇති Joyo Kanji සඳහා වන පරිශිෂ්ටයෙහි ඇතුළත් කර තිබේ:

උදා.
友達(ともだち) මිතුරා
果物(くだもの) පළතුර
眼鏡(めがね) උපැස් යුවළ

2) Joyo Kanji ලැයිස්තුවේ නොදැක්වෙන සමහර kanji සහ කියවීම් භාවිතා කර ඇත්තේ ස්ථාන නාම, පුද්ගල නාම සහ අනෙකුත් සර්ව නාවලදී වන අතර, ඒවා කලාත්මක, සංස්කෘතික සහ අනෙකුත් විශේෂිත ක්ෂේත්‍රවලට සම්බන්ධ වචනවලින් භාවිතා වී තිබේ :

උදා.
大阪(おおさか) ඔසාකා
奈良(なら) නාරා
歌舞伎(かぶき) කබුකි

3) පෙළ පහසුවෙන් කියවීමට හැකි වනු පිණිස, සමහර වචන kana වලින් ලියවී ඇති නමුත් ඒවා Joyo Kanji ලැයිස්තුවේ දක්වා තිබේ:

උදා.
ある((る・(る) තිබේ/පවතී
たぶん(多分(たぶん) බොහෝදුරට
きのう(昨日(きのう) ඊයේ

4) ඉලක්කම් සාමාන්‍යයෙන් දක්වා ඇත්තේ අරාබි ඉලක්කම්වලිනි:

උදා.
() වේලාව නවයයි
(がつ)1日(ついたち) අප්‍රේල් 1 දා
(ひと) එක

VI. විවිධ කරුණු

1) මඟ හැරිය හැකි වචන කොටු වරහන් තුළ දක්වා තිබේ:

උදා.
(ちち)は 54[(さい)]です。 මගේ තාත්තට 54යි [වයස අවුරුදු].

2) සමාන වචන සහ අදහස් ප්‍රකාශන දක්වා ඇත්තේ රවුම් වරහන් තුළ වේ:

උදා.
だれ(どなた) කවුද